COLOMBO (News 1st) - පැවැති අධික වැසි තත්ත්වය අද(21) දිනයෙන් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, එහෙත් දින කිහිපයක් වැසි සහිත තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.
මේ අතර අධික වැසි සමග අම්පාර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති බලපෑම ඉදිරි දිනවල දී වැසි නොලැබුණහොත් පහව යනු ඇතැයි දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, සේනානායක සමුද්‍රයේ වාන්දොරටු 05 ම විවෘත කර ඇති බවයි.
ඉහළ ධාරා ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ ධාරිතාවයකින් සේනානායක සමුද්‍රය වෙත ජලය ලැබෙමින් ඇතැයි, ලේකම්වරයා පෙන්වා දෙයි.
ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ගල් ඔයේ ඉවුරු කඩාගෙන යාමෙන් ප්‍රදේශ කිහිපයක ගොවිබිම් ජලයෙන් යටවි තිබේ.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, සමන්තුරේ නේනකාඩු ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුරු කඩාගෙන ගොස් ඇති බවයි.
මීට අමතරව, මල්වතු ඔය තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාං ඔය සහ කලා ඔය ගංවතුර මට්ටමේ පවතින බවයි.
අධික වැසි සමග ඇති වූ ආපදාවලින් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 15 කි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 6785ක පුද්ගලයින් 20300 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇති බවයි.
ආපදාවලින් මියගිය ගණන 02ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 03 කි.
සුරක්ෂිතතා මධ්‍යස්ථාන 22 රඳවා සිටින පුද්ගලයින් ගණන 1165ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
දැනට වාර්තා වන අර්ධ නිවාස හානි ගණන 173 කි.
මේ අතර දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.