COLOMBO (News 1st) -
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව සිදුකිරීමට තීරණය කර තිබේ.පවුලේ සාමාජිකයින් පැවසුවේ, ආගමික කටයුතුවලින් අනතුරුව ඉතාම චාම් අයුරින් අවසන් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලීම් කර තිබූ බවයි.
ඒ අනුව, ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දඩල්ල ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතව තිබේ.
දේහය මේවන විට කරාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇතැයි, පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් මහතා කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
අභාවප්ප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 75 කි.
රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ ඒ මහතා, මෙරට ගවේෂණශීලී පුවත්පත් කලාවේ පුරෝගාමියෙකි.