එම මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා මේ වන විට නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සිදු කරන බවයි.
අස්වැසුම ප්රතිලාභ හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් සඳහා දෙවන අදියරයේදී අයදුම් කිරීමට අවස්ථාව හිමිවිය.
මේ අතර අස්වැසුම හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලෙඛයක් නිකුත් කර ඇති බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැනිවිමේ අමාත්‍යාංය පවසයි.
එහි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි