අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති යළි ඇරඹීමට සාකච්ඡා

අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති යළි ඇරඹීමට සාකච්ඡා - නාගරික සංවර්ධන ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය

by Staff writer 19-01-2025 | 7:15 AM

COLOMBO (News 1st) - විවිධ ව්‍යාපෘති යෝජනා මගින් අරම්භ කර අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග එළෙඹෙන සතිය තුළ  සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන  බව නාගරික සංවර්ධන ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි අමාත්‍ය ආචාර්යය එන් .ජී.අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ එම කටයුතු සිදු කරන බවයි.

ඒ අනුව අතරමග නැවති ඇති නිවාස 48,000 ක ප්‍රමාණයක් මේ වසරේදි නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේ ය.