COLOMBO (News 1st) –
මන්නාරම ද්විත්ව ඝාතන සිද්ධිය මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.වැඩබලන පොලිස්පති නිතීඥ ප්රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, එම සැකකරු විදෙස්ගතව මෙම අපරාධය මෙහෙයවා ඇති බවයි.
මන්නාරම මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය 16 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේ ය.
තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි ප්රහාරයට ලක්ව තිබුණේ, නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි පිරිසකි.
මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.