COLOMBO (News 1st)
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පරිදි විදුලි ගාස්තුව 20%කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබූ අතර ඒ අනුව සමස්තයක් ලෙස 20%කින් විදුලි ගාස්තු අඩු වනු ඇති.
නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 කාණ්ඩයේ රුපියල් 06ක්ව පැවති ඒකකයක මිල රුපියල් 4ක් දක්වා අඩු වන අතර නව ස්ථාවර ගාස්තුව රුපියල් 75 කි.
ඒකක 31 සිට 60 කාණ්ඩයේ ඒකකයක නව මිල රුපියල් 06 ක් වන අතර එය පැවතියේ රුපියල් 09 ක් ලෙසයි.
එම ඒකකයේ නව ස්ථාවර ගාස්තුව රුපියල් 200 කි.
ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 18 සිට 14 දක්වා අඩුවන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් වනු ඇති.
ඒකක 91 සිට 120 කාණ්ඩයේ ඒකකයක නව මිල රුපියල් 20 කි.
එම කාණ්ඩයේ ඒකකයක පෙර පැවති මිල රුපියල් 30ක් වන අතර එහි නව ස්ථාවර ගාස්තුරු රුපියල් 1000ක් බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ය.
ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ රුපියල් 42ක්ව පැවති ඒකකයක මිල රුපියල් 33 ක් දක්වා අඩු වනු ඇති.
එහි නව ස්ථාවර ගාස්තුව රුපියල් 1500 කි.
ඒකක 180ට වැඩි කාණ්ඩයේ ඒකකයක නව මිල රුපියල් 52ක් වන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක් වනු ඇති.
එමෙන්ම
හෝටල් අංශයට 31%ක්
කර්මාන්ත ක්ෂේත්රයට සියයට තිහක්
රාජ්‍ය ආයතන 11%
වාණීජ ආයතන 12%
ආගමික හා පුණ්‍යායතන සඳහා 21%
වීදි ලාම්පු අංශයට 11% ක ගාස්තු සහනයක් ලැබෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ ය.