ඒ අනුව කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපානු ඇති.
එම මුහුණු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට පැ.කි.මී 50 - 60ත් දක්වා වැඩි වන බව සඳහන් වේ.
මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර අද(16) දිනයේ උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර පළාතේ මෙන්ම මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් විය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල හා උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ඇති විය හැකි බව ද සඳහන් විය.
මේ අතර මල්වතුඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබේ.
ඒ, පවතින වර්ෂාපතනය හමුවේ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ය.
ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මල්වතු ඔය අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් ද ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.