චීන අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබුනේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවටද චීන අග්‍රාමාත්‍යවරයා සහතිකවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වූ බවයි.
දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි ජනාධිපතිවරයා මෙහිදී චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වනවිටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේ ය.