ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත විය.
අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ඖෂධ කේෂ්ත්‍රය වර්තමානයේ ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති බවයි .
ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය , ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ,ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ සහ ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.