පසුගිය 4 වෙනිදා කන්තලේ බෝගස් හන්දිය ප්රදේශයේ නිවසකින් රන් පවුම් 35 ක් සහ රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකා තිබිණි.
CCTV ඔස්සේ සිදුකළ පරීක්ණවලින් අනාවරණය වූ තොරතුරු අනුව කොල්ලකෑම සඳහා භාවිතා කර වාහනය සහ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12) කටුගස්තොටදී අත්අඩංගුවට ගත්තේ ය.
තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්රදේශයේදීයි.
කොල්ල කෑ රන් භාණ්ඩ මෙම සැකකරුවන් විසින් අලෙවිකර තිබූ අතර ඉන් කොටසක් උණුකර තිබේ.