අව්වට වේලෙන වැස්සට තෙමෙන අපේම මිනිස්සුගේ ජීවිතය

අව්වට වේලෙන වැස්සට තෙමෙන අපේම මිනිස්සුගේ නොදුටු ජීවිතය

by Staff writer 13-01-2025 | 8:58 PM

COLOMBO (News 1st) - වැලිමඩ බොරගස් වත්ත, පවුල් 350 ක් විතර ජීවත් වෙන ගමක්

.

දරු පැටවු එක්ක තාමත් ගෙවන්නේ, පේළි නිවාසවල

සෙවලිකරලා තියෙන්නේ මීට අවුරුදු 50කට විතර ඉස්සර දාපු ටකරන්.

ඒවට බෑ වැස්සට ගෙවල් තෙමෙන එක නවත්තන්න.

බඩට කන්න නැති අපිට, ඉහට හෙවණක් කියන්නෙ, හීනයක් විතරයි.

ඔලිපන් වත්තටත් සංවර්ධනය ඇවිල් නෑ.

මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න මෙහෙම මතුවුණේ ගම්මැද්ද කණ්ඩායමක් නුවරඑළියේ ගෙයින් ගෙට යද්දි.

නුවරඑළිය නගර සීමාවේ තියෙන  රේස්කෝස් ප්‍රදේශයට කණ්ඩායම ගියා.

මෙහේ නිවාස ප්‍රශ්නය බොහොම බරපතලයි.

ගාල්ලෙ වත්තේහේන - නාකියාදෙණිය පවුල් 300ක් ජීවත් වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉවසා දරාගෙන.

පාරත් කැඩිලා, බස් එකකට නගින්න ගාල්ල උඩුගම මාර්ගයට කිලෝමීටර් 4ක් යන්න ඕන.

හදිසියක දී අසනීපයක් වුණොත් කාට කියන්නද ?

අලුත්වත්ත , වරකාපැලහේන, කැකිරිහේන්දොල, වත්තේහේන උඩුගම කොටස ඇතුළු ප්‍රදේශවලත්මේ කණ්ඩායම සංචාරය කළා.

ගෙයින් ගෙට යන ගම්මැද්ද කණ්ඩායම අද ගියේ  යෝගපුරම් , කෝපායිමත්ති , පොක්නෙයි සහ  ඌරණි ගම්මාන වලට.

පොක්නෙයි ගම්මනායේ පවුල් 100ක්.

ගංවතුර කාලෙට මුළු ගමම යට වෙනවා.

මොකද, මේ ගෙවල් ඉදිකරලා තියෙන්නේ පහත් බිම්වල.

එහෙම වුනාම ළිං පවා අපිරිසිදු වෙනවා.

මානන්කට්ටිය  තියෙන්නේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ.

පවුල් 250 ක් ජීවත් වෙන මේ ගමේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන.

බොන්න වතුර නැති ප්‍රශ්නය නිසා ගමම ඉන්නෙ කණගාටුවෙන්.

වකුගඩු රෝගීන් 15 දෙනෙක් ගමේ ඉන්නවා.

වතුර බොන්න ගන්නේ සල්ලි දීලා.

ලීටරයක් රුපියල් 4යි.

මේ කණ්ඩායම තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, තිනිපිටිගම , උඩියන්කුලම සහ වන්නම්කුලම කියන ගම්මානවලටත් ගිහිං ජනතාව හමුවුණා.

හමුවෙන්න, විස්තර දැනගන්න, ටිකක් කතාබහ කරන්න, ගම්මැද්ද කණ්ඩායම් හෙටත් එනවා.

හෙට හය වෙනි දවස.