එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බවයි.
පැවති ආර්ථික අර්බුදය හා නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර වී තිබිණි.
ඒ අතරට නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් සහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක්.
එම ව්‍යාපෘති යටතේ නිවාස 4,000 ක් පමණ ඉදිකිරීමට යෝජිතයි.
ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බව, ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.