මුහුදේ සුළං වේගය ඉහළට..විමසිලිමත් වන්නැයි උපදෙස්

මුහුදේ සුළං වේගය ඉහළට.. විමසිලිමත් වන්නැයි උපදෙස්..

by Staff writer 11-01-2025 | 2:09 PM

COLOMBO (News 1st)-නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත් වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද(11) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

ගාල්ල සිට කොළඹ පුත්තලම කන්කසන්තුරය , ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා මුහුදු  ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රථ විය හැකි බවයි.

ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි.

මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස ඉහළ යා හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.