මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

by Staff writer 11-01-2025 | 7:00 AM

COLOMBO (News 1st) - අද සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය ඒ බව නිවේදනය කළේ, අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ය.

මේ අතර අදාළ ගැසට්ටුව තුළ වාහන ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක තීරුබදු ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

එම ගැසට් පත්‍රයට අනුව මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිළ අවම වශයෙන් රු. 106 කින් ඉහළ යනු ඇති

ඊට සමගාමීව අනෙකුත් මත්පැන් වර්ගවල මිල ද සියයට 5කින් ඉහළ යන බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මේ අතර,  සුරාබදු ඉහළ නැංවීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලද ඉහළ දමා ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.

කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇති අතර, රුපියල් 5 සිට 10 දක්වා දුම්වැටියක මිල ඉහළ යනු ඇති 

ගැසට් නිවේදනය මෙසේය