COLOMBO (News 1st) - සමහර ප්‍රශ්න විසඳන්න කරන්න තියෙන්නේ පොඩි දෙයක්.
ඒක නොකෙරෙන නිසා ලොකු ප්‍රශ්න නිර්මාණය වෙනවා.
එතකොට ඒවා විසඳන එක ලෙහෙසි නැහැ.
රුපියල් කෝටි 5කට අධික මහජන මුදල් වැය කරල හදපු, ටික කලකින් අතෑරලා දාපු, මේ ගොඩනැගිල්ල තියෙන්නෙ පානදුරේ.
ඒ, පානදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳ මධ්‍යස්ථානයයි.
ඒ දිහා බලාගෙන වෙළෙන්දෝ පේමන්ට් එකේ වෙළෙඳාම් කරනු ඇත.
මේ අය වෙනුවෙන් මේ වෙළෙඳ මධ්‍යස්ථානය ඉඳි කරන්න පටන් ගත්තේ අවුරුදු 08කට පෙරයි.
දැන්, එය කිසිම ප්‍රයෝජනයක් නොගෙන අතෑරලා දමා ඇත.
මේ ප්‍රශ්නේ දැක්කේ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයට එක්ව සිටින යන කළුතර කණ්ඩායමයි.
ඔවුන් අද, පානදුර, වස්කඩුව, නයිදූව, ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව හමුවිය.
නුවරඑළියේ කණ්ඩායම අද වලපනේ පදියපැලැල්ලට ගියේ ය.
ක්‍රමවත් ජල සම්පාදන ක්‍රමයක් නැති එක ඔවුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුවකි.
කඳපොළ, අලුත්වත්ත, ගෝනගල ඇතුළු ගම්මානවල ජනතාවටත් ගම්මැද්ද කණ්ඩායම සවන් දුන්නේ ය.
අනුරාධපුරයෙන් රටට බත සපයන ගොවි ජනතාව, වගාව රැකගන්න විඳින දුක ගම්මැද්ද කණ්ඩායම හොඳින් දැක්කේ ය.
වැස්ස නිසා ගොවිබිම් විනාශ වෙලා තිබේ.
වනසතුන්ගේ හානිවල අඩුවක් නැත.
ගම්මැද්ද කණ්ඩායම අද පලාගල, මානකැටේ, වල්පාලුගම, වළස්වැව, උපුල්වෙහෙර ඇතුළු ගම්මානවලටත් ගියේ ය.
යාපනයේ ගොඩාක් ගම්මානවල තියෙන ප්‍රශ්න නිසා ජීවිතේ ගෙවෙන්නේ හරි අමාරුවෙනි.
මන්ඩිතෙයි, කොට්ටඩි, කරවෙට්ටි, කාට්ටුපුලම් ප්‍රදේශවලට ගියපු ගම්මැද්ද කණ්ඩායම ඒ බව හොඳින්ම දැක්කේ ය.
බොහෝ දෙනා කරන්නෙ කුලී වැඩ.
සමහර අයට රැකියා නැත.
ගම්මැද්ද කණ්ඩායම් හෙටත් ජනතාව හමුවට එන්න සූදානම්.