අද දිනයේ බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීමට නියමිතයි.
කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් ලබාගැනීම සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව 70 කට අධිකයි.
පළාත් 8 ක මහජන අදහස් විමසීම මේ වනවිට අවසන් කර තිබේ.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ලබන 17 වැනිදා විදුලි බිල අඩු කිරීමේ තීරණය ප්‍රකාශට පත් කරන බවයි.