ඒ, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(07) රාත්‍රි මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 71 කි.
1988 පළාත් සභා මැතිවරණයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙස දේශපාලන ජීවිතය ආරම්භ කළ ලකී ජයවර්ධන මහතා පසුව එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.
1994 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු උසස් අධ්‍යාපන, නගර සැලසුම් හා ජල සම්පාදන වැනි රාජ්‍ය අමාත්‍ය ධුර ගණනාවක් හොබවා ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ගමන් මග ඇරඹූ ඔහු අභාවප්‍රාප්ත වනවිට උඩුනුවර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.