පොලීසිය පැවසුවේ, රථය පාලනය කර ගැනීමට නොහැකිව ඊයේ(07) රාත්රි එය පෙරළී ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක් හා 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔවුන් උකුවෙල ප්රදේශයේ පදිංචිකරුවන්ය.
තුවාල ලැබූ දරුවා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර මීටියාගොඩ, කිරලගහවෙල - තෙල්වත්ත අතුරු මාර්ගයක යතුරු පැදියක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාපැදිකරු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මීටියාගොඩ කෝමලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.