ඒ අද(08) පැවැති දෙවැනි තරගය ලකුණු 113කින් ජය ගනිමිනි.
නවසීලන්තයේ හැමිල්ටන්හිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුණේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කරමින්.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 79යි.
මාක් චැප්මන් ලකුණු 62යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්ව අවස්ථාවක් සටහන් කළ හත්වැනි ක්‍රීඩකයා බවට පත්වීමට මහීෂ් තීක්ෂණ සමත් විය.
ඔහු ලකුණු 44ට කඩුලු 4යි.
නවසීලන්තය පන්දුවාර 37 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි.
සාර්ථක වූ එකම පිතිකරුවා, කමිඳු මෙන්ඩිස් ලකුණු 64යි.
විලියම් ඔරූක් කඩුලු 3ක් දවා ගත්තේ ය.
තරගාවලියේ අවසන් තරගය ලබන සෙනසුරාදා ඔක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිතයි.