ගම්මැද්ද, News 1st සහ සිරස TV සම්මානයට පාත්‍ර වෙයි

2024 පිනකල් සම්මාන උළෙලේදී ගම්මැද්ද, News 1st සහ සිරස TV , සම්මාන රැසකින් පිදුම් ලබයි...

by Staff writer 06-01-2025 | 10:49 PM

COLOMBO (News 1st) - 2024 පිනකල් සම්මාන උළෙල අද(06) කොළඹදී පැවැත්විය.

එම්.යූ.ජී.පී. ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කළේ 3 වැනි වරටයි.

ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රධාන කෙරිණි.

වසරේ විශිෂ්ටතම ස්වෙච්ඡා සේවා වැඩසටහන ලෙස ගම්මැද්ද සම්මානයට පාත්‍ර විය.

වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිෂ්පාදනය නිව්ස්ෆස්ට්.

වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණේ  'සටන' වැඩසටහනයි.

වසරේ ජනප්‍රියම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ඔමායා කෝවිලගොඩගේ සම්මාන දිනා ගත්තාය.

වසරේ ජනප්‍රියම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක සම සම්මාන හිමි කරගත්තේ නිව්ස්ෆස්ට් හී ඉමේෂ් සදර්ලන්ඩ්.

වසරේ ජනප්‍රියම රූපවාහිනි ළමා රියැලටි වැඩසටහන ලෙස ඇගයීමට ලක් කෙරුණේ 'Voice Kids'

වසරේ ජනප්‍රියම ළමා ගායිකාව ප්‍රනිර්ෂා සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ළමා ගායකයා සම්මානය දිනා ගත්තේ අස්ලම් රෝෂාන් විසින්.

වසරේ විශිෂ්ටතම මෝටර් ටෙලිවිෂන් වැඩසටහන - ඔටෝ විෂන්.

වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා සිරස ටී.වී. ඔස්සේ විකාශය වන 'රස රහසක්' ටෙලි නාට්‍යයේ සජිත ඇන්තනී.

වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන්,  කිඩ්ස් ෆස්ට් හි සදුශි සවින්ද්‍යා සම්මාන දිනා ගත්තාය.