COLOMBO (News 1st) - කොරියාවේ මුආන් ගුවන් තොටුපොළ තවත් සතියක් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ පසුගිය දෙසැම්බර් 29 වැනිදා සිදු වූ අනතුර සම්බන්ධ විමර්ෂණ තවත් අවසන් නොවීම හේතුවෙන්.
සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 179 කු මිය ගියේ ය.
වසාදැමුණු ගුවන් තොටුපොළ නැවත හෙට (07) දිනයේදී විවෘත කිරීමට නියමිත තිබිණි.