ලක්ෂ විස්සේ සංචාරකයා ලෙස අද මෙරටට පැමිණියේ , තායිලන්තයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන 53 හැවිරිදි ප්‍රසන් ඉනොකනුන්ට් ( Prasan Inokanunt ) මහතා සහ ඔහුගේ බිරිඳයි.
පැමිණි පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොලේදී විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් සමග පැමිණි මෙම යුවල සතියක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි.
ප්‍රසන් ඉනොකනුන්ට්
''මෙය මම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව වන අතර මිලියන 2 ක සංචාරකයින් සඳහා වූ සාර්ථකත්වයට මම සුබ පතනවා. ඒ වගේම ඉදිරි වසර තුළදී ඔබට මිලියන 3ක නව ඉලක්කයට ළඟා වීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා''
මහාචාර්ය රුවන් රණසිංහ
සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
‘’අපේ ආර්ථිකය අපි දන්නවා ඇත්තට අපි මේ රජය භාර ගන්න කොට විශේෂයෙන් මේ වීසා දෙන බලය පවා අපිට රට වෙන සමාගම් වලට දීලා තිබුණේ. හැබැයි එක රැයක් තුළ ඒ ප්රශ්නය විසඳීමත් එක්ක අපි දන්නවා සීයට නමක තිබුණු සංචාරක වර්ධනය එක සීයට විස්ස දක්වා වර්ධනය වුණා. ප්‍රවේශමෙන් අපි කළමනාකරණය කළා විශේෂයෙන් අර ආරුගම්බේ මුහුදු තීරයේ සිදුවෙන්නට ගිය මතභේදයට තුඩු දුන් සිද්ධියක්. අපි දන්නවා විදේශ රටවල් අපිව ඉතාමත්ම අවදානම්කාරී ලෙස ඒගොල්ලන් සඳහන් කරමින් තිබුණා. හැබැයි අපි රජයක් විදිහට ඉතාමත්ම ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් ඉතාමත්ම වෘත්තීය විදිහට සිද්ධිය කළමනාකරණය කළා. ඉතින් මේවගෙන් අපේ කර්මාන්තයට කිසි අවදානමක් ආවේ නැහැ. නිවැරදි දිසාවට අපේ රට ආර්ථිකය සංචාරක කර්මාන්තය දැන් අපි මෙහෙයවමින් තිබෙන්නේ.
බුද්ධික හේවාවසම් - සභාපති - ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
''2018 වර්ෂයේ පස්සේ තමයි අපි මිලියන දෙකේ ඉලක්කයට ළඟා වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය ඇතුළේ. ඒක ඇත්තටම අපේ ඉදිරි ඉලක්කවලට ත්‍රී මිලියන් ටුවරිස් ඒ කියන්නේ මිලියන තුනක් සංචාරකයෝ සහ ඇමරිකානු එක්සත් ජනපදයේ ඩොලර් බිලියන පහක ආදායම කියන ඉලක්කයට තමා අපි ළඟා වෙමින් පවතින්නේ.මේ ඊළඟ අවුරුදේ. යුරෝපයේ සංචාරකයෝ විතරක් නෙමෙයි ආසියාවේ සංචාරකයින්ටත් ලංකාව ආකර්ශනීය ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා.අපි දැනටමත් පටන් අරන් තියෙනවා සංචාරකයන්ට දැනට යන වඩාත් ආකර්ෂණීය කලාපයන් වල තිබෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න.''