දැන් බේබි 81 ගේ වයස අවුරුදු 20 කි .
2004 සුනාමි රළ පහරට හසුව කල්මුණේ වෙරළාසන්නයේ සුන්බුන් අතර සිටි බිළිඳෙකු බේරාගෙන රෝහලට රැගෙන ආවේ ප්‍රදේශයේ වැඩිහිටියෙකි.
ඒ වන විටත් රෝගීන් 80 දෙනෙකු කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.
අනන්‍යතාවය සොයා ගත නොහැකි මාස දෙකක් පමණ වයසැති මේ බිළිඳාට ප්‍රතිකාර කළේ බේබි 81 ලෙස නම් කරමින් ය.
බේබ් 81 තමන්ගේ දරුවා බව පවසා අයිතිය ඉල්ලමින් 9 දෙනෙකු ඉදිරිපත් වූ අතර, අවසානයේ අධිකරණයේ පිහිටි පැතීමට වෛද්‍යවරුන්ට සිදුවිය.
අධිකරණය තීන්දුවක් ගත්තේ DNA සැසඳීමෙන් පසුවයි.
ඒ අනුව බිළිඳාගේ අයිතිය වත්මන් මවුපියන්ට හිමිවිය.
ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීමට දුන්න ප්රචාරයත් සමග බේබි 81 ලෝකය පුරා ප්‍රසිද්ධ විය..
බේබි 81ගේ නම ඇත්තටම ජෙයරාසා අභිලාෂ්.
දැන් අභිලාෂ්ට අවුරුදු 20 ක්.
සුනාමිය ගැන අභිලාෂ්ට මතකයක් නැහැ.
ඒත් හැම අවුරුද්දකම දෙසැම්බර් 26 වෙනිදා අභිලාෂ් මේ ස්මාරකය අසලට ඇවිත් සුනාමිය සිහිපත් කරයි.
ජෙයරාසා අභිලාෂ්
''අවුරුදු 15 කට පස්සේ තමයි මම හරියටම දැනගත්තේ සුනාමි කියන්නේ මොකක්ද කියල. ඒක ඛේදවාචකයක් කියලා මම දැනගෙන හිටියා. ඒත් එච්චර ලොකුවට හිතුවේ නැහැ. සුනාමියෙන් දහස් ගණනක් මැරුණා. මම ඒකෙන් බේරුණු එක ලොකු දෙයක් කියලා මට දැනෙනවා. මගේ මවුපියන් තමයි මගේ දෙවියන්. ඒ අය ඒ කාලේ හුගාක් දුකට පත් වුණා. ඒ දුකට මම නැවතීමක් තියන්න ඕනි. ඒක තමයි මගේ බලාපොරොත්තුව''