ඒ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 232.13 කින් ඉහළ යමින් ය.
ඒ අනුව එහි දර්ශක අගය ඒකක 15400 ඉක්මවා ගියේ ය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 7 කි.
පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේ සිට මේ දක්වා කොළඹ කොටස් වෙළඳපල අඛණ්ඩව ඉහළ යමින් තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිලිවෙළ අවසන් වීමත් වීමත් සමග ආර්ථිකය පිළිබඳ ආයෝජකයින් තුළ විශ්වාසය ඉහළ යාම මෙලෙස කොටස් වෙළඳපොළ ඉහළයාමට හේතුවන බව විශ්ලේශකයින් පවසයි.