COLOMBO (News 1st) - 2025 ICC ශූරයින්ගේ කුසලාන ක්රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබේ.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ, ඒ සහ බී ලෙස කාණ්ඩ 2කිනි.
තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 19 වැනි දා පකිස්ථානයේ කරච්චිහිදී ආරම්භ වේ.
මාර්තු පළමු වැනි දා අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 9 වැනි දා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග සියල්ලම ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ඩුබායිහිදී පැවැත්වෙනු ඇති.
2024 වසරේ සිට 2027 වසර දක්වා ඉන්දියාව සහ පකිස්ථානය අතර කිසිදු ICC තරගයක් අදාළ රටවල් දෙකේදී නොපවත්වන බවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පසුගිය දා නිවේදනය කළේ ය.