COLOMBO (News 1st) - නත්තල වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.
අව්‍යාජ ජනතාවාදී දේශාපාලන සංස්කෘතියක් මෙන්ම මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු සුන්දර රටක් නිර්මාණය කිරීමට කැපවීමට උතුම් නත්තලේදී සියලු දෙනා අදිටන් කර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පවසන්නේ, එහිදී ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් හා සමාජ සාධාරණත්වයක් අරමුණු කර ගත යුතු බවය.
නත්තලේදී ප්‍රකට වන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින් සමානාත්මතාවට ගරු කරමින් අනෙකා පිළිබඳ හැගීමෙන් සහෝදරත්වය සහජීවනය අගයමින් යපහත් හා සතුටුදායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම සියලු පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණය බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නේ, නත්තල් සමයේදී අන්‍යෝන්‍ය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත් ඉවසීම වර්ධනය කර ගැනීමටත් එකමුතුකම සහ අවබෝධය ඇති කර ගැනීමටත් සැවොම කැපවිය යුතු බවයි.
අපගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාවට මුල් තැන දෙමින් සියලු දෙනා සමග සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගත කිරීමට වග බලා ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි.