සංගමන්කන්ද මුහුදේ ගිලී තුන්දෙනෙකු අතුරුදන්

තිරුක්කෝවිල් සංගමන්කන්ද මුහුදේ ගිලී තුන්දෙනෙකු අතුරුදන්

by Staff writer 25-12-2024 | 9:56 PM

COLOMBO (News 1st) - තිරුක්කෝවිල් සංගමන්කන්ද මුහුදේ ගිලී තුන්දෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, දිය නෑමට ගිය වයස අවුරුදු 12ක පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ඔවුන් බේරා ගැනීමට ගිය අයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි.

ඔවුන් තිදෙනා සොයා, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මකයි.