වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 99ක්..

සංවිධානාත්මක අපරාධ හා රථවාහන පාලනය සම්බන්ධයෙන් කමිටුවක්

by Staff writer 24-12-2024 | 7:11 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ හා රථවාහන පාලනය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව තෝරාගත් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් සමන්විතයි.

වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, කමිටුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අනුයුක්ත කර ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් ගණන 99ක් බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ, ඉන් 55 දෙනෙකු මියගොස් ඇති බවයි.

ආසන්නතම වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ (23) වාර්තා වුණේ, යක්කල, වීරගුල කොස්කදවල ප්‍රදේශයෙනි.

ඉන් 30 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබීය.

වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකපළ කරනු ඇත.