COLOMBO (News 1st) - උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් පමණ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමේ කටයුතු විධිමත් කරන බවයි.
මේ අතර මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත මෙහෙයුම අදත්(24) ක්‍රියාත්මකයි.