COLOMBO (News 1st) - ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය.
දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
ප්රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි.
අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණේ ය.
හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණි.