එහි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් පසුගිය දිනවල උතුරු පළාතෙන් වාර්තාවූ මී උණ රෝගය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව එම සාම්පල ලබාගත් බවයි.
එම සාම්පල පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාර වෙත යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
පසුගිය දින කිහිපය තුළ මී උණ හේතුවෙන්, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 08 දෙනෙකු මිය ගියේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවසුවේ, වර්ෂාවත් සමග ඉදිරියේදී උතුරු පළාතේ මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකි බවයි.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 12,000 ක් පමණ වාර්තාවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මී උණ හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.