දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක්

දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් - පොලීසිය

by Staff writer 22-12-2024 | 1:03 PM

COLOMBO (News 1st) - දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි, පොලීසිය පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, රිය අනතුරු වාර්තාවීම ඉහළයෑම, ඊට හේතුවී ඇති බවයි.

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවට ද, තොරතුරු ලැබී ඇත.

ඒ අනුව අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු, 119 හෝ 1997 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි, වැඩබලන පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දෙයි.

එම අංක වලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලදාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකියි.

මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද ඒවා යොමු  කිරීමේ හැකියාව ඇතැයිද පොලිසිය පැවසුවේ ය.