මෙරට ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් - Fitch Ratings

by Staff writer 21-12-2024 | 10:25 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව Fitch Ratings ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

මේ හේතුවෙන්  Fitch Ratings ආයතනය,මෙරට දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් ශ්‍රේණිය RD මට්ටමේ සිට CCC + මට්ටම දක්වා උසස් කර තිබෙන අතර, දේශීය විනිමය ණය නිකුත් ශ්‍රේණිය CCC - සිට CCC + දක්වා ඉහළ නංවා තිබේ.

Fitch Ratings ආයතනය පැවසුවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි.  

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන 19,466.1ක වෙන්කළ මුදලකින් සමන්විත බවයි.