COLOMBO (News 1st)–
සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇති බව සඳහන් ය.
සැකකරු පසුගිය 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවේ ය.
අනතුරුව අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඔහු ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තිබේ.
ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණේ, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවටයි.
නඩුව ලබන 2025 වසරේ පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතයි.