සමුපකාර අලෙවි සැල් වලින් 50% ක් අක්‍රමවත්

මෙරට සමුපකාර අලෙවි සැල් වලින් 50%ට වැඩි සංඛ්‍යාවක් අක්‍රමවත් - සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ

by Staff writer 20-12-2024 | 11:50 AM

COLOMBO (News 1st)–

මෙරට සමුපකාර අලෙවි සැල් වලින් 50%ට වැඩි සංඛ්‍යාවක් අක්‍රමවත් බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ ජනතාව මහත් අසීරුතාවයතකට ලක් වී ඇති බවයි.

ඒ අනුව මෙරට සියලු සමුපකාර අලෙවි සැල් හා සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් සියලු අංශ නවිකරණය කරන බව ඔහු පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත් කිරිමට කටයුතු කරන බවයි.