වරෙන්තු නිකුත් කළේ, 2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදු වූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළවයි.
සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබිය දී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළේ ය.
බැඳුම්කර මිලදී ගැනීම් මඟින් රජයට රුපියල් මිලියන 600 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.
මෙම නඩුවේ සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස් ද ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.