COLOMBO (News 1st)–
පළමුවරට පැවැති ලංකා T 10 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කිරුළු පැළදුවේ ය.ඒ තරගාවලිය පුරා අපරාජිතව සිටි ප්‍රබල ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයේදී ලකුණු 26ක පරාජයක් හිමිකර දෙමින් ය.
තීරණාත්මක අවසන් මහා තරගය නැරඹීම සදහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ ය.
තරගය ආරම්භයට පෙර සමාරම්භක උත්සවය හැඩ වූයේ ජනප්‍රිය ගායිකා හනා ෂෆාගේ ගායනයෙන් ය.
කාසියේ වාසිය හිමිකර ගත් ජැෆ්නා ටයිටන්ස් නායක ඩේවිඩ් වීස් පළමුව පන්දුවට පහරදීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ආරාධනා කළේ ය.
ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා සමග මොහොමඩ් ෂසාඩ්.
වේගවත් ආරම්භයක් ලබා ගත් ෂසාඩ් දුවද්දී දැවී යාමකට හසුවුණේ ලකුණු 26ක් රැස් කරගෙන සිටියදීයි.
කුසල් පෙරේරා ලකුණු 9කට දවා ගැනීමට ට්‍රවින් මැතිව් සමත් විය.
නායක දසුන් ලකුණු 21යි.
ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 26ක් රැස් කළේ ය.
ට්‍රවින් මැතිව් ලකුණු 18ට කඩුලු 2ක් දවා ගත්තේ ය.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කන්ඩායම කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133කි.
ජනප්‍රිය ගායන ශිල්පීන් වන භාතිය සංතුෂ් ගායනයෙන් ප්‍රේක්ෂකාගරය පිනවූයේ ය.
ජැෆ්නා ටයිටන්ස් පිළිතුරු ඉනිම ආරම්භ කලේ ටොම් කෝලර් කැඩ්මෝර් සමග කුසල් මෙන්ඩිස්.
ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට රිචඩ් ග්ලීසන් සමත්විය.
චරිත් අසලංක එක් ලකුණකට දැවී ගියේ ය.
දසුන් ශානක ලකුණු 4ට කඩුළු 2යි.
ටොම් ඇබෙල් නොදැවී ලකුණු 54යි.
ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 10 තුළ කඩුළු 6ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණයි.