COLOMBO (News 1st)–
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද අත්සන් කළේ ය.
මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාගැනීමේ මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකර තිබේ.
ඒ අනුව අදාළ ණය මුදලට අනුමැතිය හිමිව ඇත්තේ ඉකුත් නොවැම්බර් මාසයේදී ය.
මෙම ණය මුදල භාවිතා කර මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.
ඒ අනුව මෙම ණය මුදල හරහා නව ග්‍රිඩ් උපපොළවල් 6ක් ඉදිකිරීම, කි.මී. 87ක් දිග සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කි.මී. 45ක් දිග සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම හා දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම යනාදිය සිදුකිරීමට නියමිතයි.