2024 තෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය ඉහළට..

2024 තෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය ඉහළට..

by Staff writer 18-12-2024 | 10:07 PM

COLOMBO (News 1st) - 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින්  3% ක්,10.8% ක් සහ  2.6 %ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.