ඒ, හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.
ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ඔහු, භාරතයේ නාමය ලෝකයට ගෙන ගිය දැවැන්තයෙක්.
සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ ඔහු, ග්රැමි සම්මාන හතරකින් පිදුම් ලැබුවේ ය.
භාරතීය ශාස්ත්‍රීය සංගීතය පෝෂණය කිරීම වෙනුවෙන් ඇප කැප වූ වාද්‍ය විශාරද සකීර් හුසේන් මිය යන විට වයස, අවුරුදු 73 ක්.