COLOMBO (News 1st) - ලොව ප්‍රකට විලාසිතා ජාලයක නිර්මාතෘ ප්‍රකෝටිපතියෙකු වන 'අයිසැක් ඇන්ඩික්' හදිසි අනතුරකින් මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවුලේ සමාජිකයින් සමග ස්පාඤ්ඤයේ, බාසිලෝනාහි කඳුකර ප්‍රදේශයක ගුහා ගවේෂණයක නිරත වන අවස්ථාවේ මිටියාවතකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි.
මිය යන විට ඔහුගේ වයස, අවුරුදු 71කි.
තුර්කියේ උපන් ඔහු 1984 දී බාර්සිලෝනාහිදී සිය සොහොයුරා සමග එක්ව Mango විලාසිතා ව්‍යාපාරය ආරම්භ කළේ ය.
මේ වනවිට එය ලොව රටවල් 120ක් පුරා ව්‍යාප්තව ඇත්තේ, අලෙවි සැල් 3000ක් ද සමගයි.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ද ඔහුගේ අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කළේ ය.