COLOMBO (News 1st) - මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (14) රාත්‍රියේ බිරිඳ සහ දරුවා සමග සහෝදරයෙකුගේ නිවසේ පැවති සාදයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
වෙඩි තැබීම කර ඇත්තේ, කැළැබද ප්‍රදේශයක සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.
ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් යොදාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මියගොස් ඇත්තේ, සමෘද්ධි ප්‍රධාන කාර්යාලයේ කාර්යාලය කාර්ය සහයක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකි.
ඔහුගේ වයස අවුරුදු 32ක්.