COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා අද (15) ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.
ජනපතිවරයාගේ මංගල විදෙස් සංචාරය මෙයයි.
ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වනු ඇත.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ඇතුළු ඉහළපෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඉන්දු - ලංකා මිත්‍රත්වය වැඩි දියුණු කරගැනීම, එම සංචාරයේ අරමුණ වේ.
අදින් ආරම්භ වන ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය අවසන් වන්නේ, ලබන 17 වැනි දායි.