ඒ, ආරක්ෂක අංශ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකිනි.
අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුනේ, පසුගිය නොවැම්බර් 26 වැනිදායි.
open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස, ඔහු කළක් කටයුතු කළේ ය.
ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන බලාජීගේ වයස, අවුරුදු 26 ක්.
open AI සමාගම නිර්මාණය කළ Chat - GPT සම්බන්ධයෙන් මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ ය.
ඔහු පැවසුවේ, Chat - GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවයි.
ඒ හරහා අදාළ සමාගම, ඩොලර් මිලියන 150 කට වැඩි වටිනාකමක් වර්ධනය කරගෙන ඇති බව, මාධ්‍යවේදීන්, පර්යේෂකයින් සහ ලේඛකයින් ද, අනාවරණය කළේ ය.
ඒ සම්බන්ධයෙන් open AI සමාගමට එරෙහිව පවරා ඇති නඩුවේදී, සුචිර් බලාජී සතු දැනුම සහ තොරතුරු අතිශය වැදගත් සාක්ෂි බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සුචීර් බලාජීගේ මරණය සම්බන්ධයෙන් open AI සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් ද, එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබිණි.