මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4%කින් ඉහළට

නොවැම්බර් අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළට - මහ බැංකුව

by Staff writer 14-12-2024 | 2:31 PM

COLOMBO (News1st) - නොවැම්බර් මාසය අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේය.

ඒ පසුගිය වසරේ එම කාල වකවානුවට සාපේක්ෂවයි.

මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5961.6 කි.