ජනපති ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව, 204 ක්.
දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෙවැනි දෝෂාභියෝගය මෙයයි.
පසුගිය සතියේ ද, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවත්, පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවීමෙන් ඊට අදාළ ඡන්ද විමසීම නොපැවැත්විය.
ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව යුද නීතිය බලාත්මක කිරීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමත් සමග එරට ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා පවත්වන බවයි.