විදුලි ගාස්තු යෝජනාව ගැන මහජන මත විමසීම

විදුලි ගාස්තු යෝජනාව ගැන මහජන මත විමසීම ලබන 17 වැනිදා සිට - මහජන උපයෝගිතා කොමිෂන් සභාව

by Staff writer 11-12-2024 | 6:35 PM

COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම ලබන 17 වැනිදා සිට ආරම්භ කරන බව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලිඛිත අදහස් භාර ගැනීම ජනවාරි  08 වනදා දක්වා සිදු කෙරෙන අතර වාචික අදහස් දැක්වීම සැසිවාර 09ක් ඔස්සේ පළාත් මට්ටමින් සිදු කිරීමට නියමිත වේ.

2025 වර්ෂයේ මුල් මාස 6 සඳහා පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය මේ වන විට යෝජනා කර ඇත.

මෙම යෝජනාව පිළිබඳ ලිඛිත අදහස් , [email protected] ඊමේල් ලිපිනයට යොමු කළ හැකියි.

076 427 10 30 වට්ස්ඇප් අංකයට යෝජිත විදුලි ගාස්තු පිළිබඳ ලිඛිතව අදහස් ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තැපෑලෙන් ද යෝජනා ඉදිරිපත් කළ හැකි වේ.