ඒ , ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී යි.
ජනාධිපතිවරයා සහ සහල් මෝල්හිමියන් අතර අද (07) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයේදීයි.
නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ඊට අමතරව,
සුදු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 215 ක තොග මිලකට හා රුපියල් 220ක සිල්ලර මිලකට ලබා දීමට නියමිතයි.
ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයකෙ සිල්ලර මිල රුපියල් 220 ක් .
සම්බා කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 235 ක් වන අතර සිල්ලර මිල රුපියල් 240 ක් වේ.
කීරි සම්බා කිලෝ ග්‍රෑමයක්් තොග මිල රුපියල් 255 ක් වන අතර සිල්ලර මිල රුපියල් 260 ක්.