COLOMBO (News 1st) - ලබන වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසිනි.
2025 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිපාදන සම්මත කිරීම මෙහි අරමුණයි.
අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද සහ හෙට යන දින දෙකෙහි පාර්ලිමේන්තුවේදි පැවැත්වේ.
අද විවාදය ආරම්භ කළේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසිනි.