මහ මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක්..

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කරන්න - මහ මැතිවරණ අපේක්ෂකයින්ට දින නියම කෙරේ..

by Staff writer 03-12-2024 | 2:14 PM

COLOMBO (News 1st) –පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර, ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර භාරදෙන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඒ ඒ අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙත සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙතද වියදම් වාර්තා භාරදිය යුතු බවයි.

එම වාර්තා භාරගැනීම වෙනුවෙන් සියලුම දිස්ත්‍රික් මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාරගැනීමේ විශේෂ ඒකක රාජකාරි දිනවල පස්වරු 6 දක්වාත්, ලබන 06 වැනිදා රාත්‍රී 12 දක්වාත් විවෘතව තැබීමට පියවර ගන්නා බව නිවේදනයේ සඳහන් ය.

නියමිත දිනට පෙර වියදම් වාර්තා භාරනොදීම සම්බන්ධයෙන්, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.